හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිද ශෂි වීරවංශ මහත්මියට අධිකරණයෙන් වසර දෙකක සිර දඩුවමක් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියම කර තිබේ.
කොළඹ පූර්වගාමී ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද ( 27දා ) එම නියෝග කළේය.
ආගමන විගමන නීති කඩකරමින් අසත්‍ය තොරතුරු ඉදිරිපත්කර ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් මෙම චෝදනාව එල්ල වී තිබේ.