අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නිරත වෛද්‍යවරයෙකුගේ රුපියල් ලක්ෂ දෙකක් වටිනා යතුරු පැදියක් රෝහල් භූමියේදී සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කල බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරන මහඉලුප්පල්ලම ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයෙකු සිදු කල පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කල බව පොලිසිය කියයි.
වෛද්‍යවරයා රෝහල වෙත පැමිණ සිය යතුරු පැදිය රෝහලේ ආපන ශාලාව ආසන්නයේ නවතා ,තමන් සේවය කරන ශෛල්‍යගාරය වෙත ගොස්, යලි පැය දෙකකින් පමණ පැමිණ බැලීමේදී මෙම යතුරු පැදිය සොරකම් කර ඇති බව දැන ගෙන ඇතැයි පොලිසිය කියයි.
බී.ජි. චතුරංග