හලාවත බලා ධාවනය කිරීමට සූදානම්ව තිබියදී කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවේ ගැටුණු දුම්රියේ රියදුරුගේ සේවය තාවකාලිකව අත්හිටුවූ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්.ජේ. ඉඳිපොළගේ මහතා 'අද' පුවත්පතට පැවැසීය.
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ උපදෙස් මත මෙම අත්හිටුවීම සිදු කර ඇති අතර, අදාළ සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කළ බවද හෙතෙම සඳහන් කළේය.
එම පරීක්ෂණය දිස්ත්‍රික් පරීක්ෂණ නිලධාරීන් දෙදෙනෙකු විසින් සිදු කරන අතර, මෙම සතිය අවසන් වීමට පෙර එම වාර්තාව ලබා දෙන ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා උපදෙස් ලබා දී තිබේ.