මෙරටට පැමිණෙන වෙළෙඳ නෞකා, යුද නෞකා සියල්ලක්ම පැමිණෙනුයේ ජාත්‍යන්තර සම්මුතීන්වලට අනුකූලව බවත්, එම නෞකාවලට සේවාවන් සැපයීම වෙළෙඳ කටයුත්තක් සේම, දෙරට අතර තිබෙන සම්බන්ධතා උඩ පැමිණෙන යුද නෞකා සමග සිදුකරන මෙහෙයුම් තවදුරටත් සිදුකරන බව නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් කංචන බානගොඩ මහතා පවසයි.
ඒ මහතා අද (08දා) මහනුවරට පැමිණ ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ බව අවධාරණය කළේය.
එහිදී ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ, එම යුද අභ්‍යාස ශ්‍රී ලංකා නාවික හමුදාවට මෙන්ම, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට මුහුද හරහා සිදුකරන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට මහත් උපකාරී වන බවයි.
මෙරට ජාතික ආරක්ෂාවේ එක් කොටසක් වන්නේ මුහුද හරහා සිදුකරන සතුරු උවදුරුවලට නිසි පියවර ගැනීම බවත්, තිස් වසරක යුද්ධය ජය ගැනීමෙන් පසු මේ වන විට තිබෙන ප්‍රධානතම අභියෝගය වී ඇත්තේ මුහුද හරහා සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අනෙකුත් නීතිවිරෝධී කටයුතු මැඬලීම බවද නාවික හමුදාපතිවරයා අවධාරණය කළේය.
තහනම් මත්ද්‍රව්‍ය විදේශ රටවලදී නිෂ්පාදනය කරන බැවින් එය නැවැත්වීමට හැකියාවක් නොමැති වුවත් මුහුද හරහා එය මෙරටට පැමිණීම අතීතයේදී සිදු කළා මෙන් ඉදිරියේදීද සිදුකරන බවද නාවික හමුදාපතිවරයා පැවසීය.
මෙරට මුහුදු සීමාවට ඇතුළු වන අනවසර ධීවරයන් සම්බන්ධයෙන් ඉදිරියටත් නිසි ක්‍රියාමාර්ග ගන්නා බවද අවධාරණය කළ නාවික හමුදාපතිවරයා, දේශීය ධීවරයාට මෙරට මුහුදු සීමාව විවෘත කොට දෙන බවද පැවසීය.