ආයෝජන මණ්ඩලයට අයත් නිදහස් වෙළෙඳ කලාපවල සේවය කළ සේවක සේවිකාවන් හා ගම්බිම් බලා යාමට පැමිණි සියලු පිරිස් මේ වන විට පිටත් කර යවා අවසන් බව ආයෝජන මණ්ඩලයේ විධායක අධ්යක්ෂක ඩී.එන්. එම්. ලෝරන්ස් මහතා පවසයි.
ඔවුන් සියලු දෙනා අදාළ නගර වල ආසන්නතම පොලිස් ස්ථාන වලට භාර දීමට කටයුතු සැලසුම් කර ඇති බවත්, ඔවුන් නිවෙස්වලට යෑවීමේ වගකීම පොලිස් ස්ථාන වෙත පවරා ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.