මල්වතුහිරිපිටිය මෙහෙයුමක් අතර තුර සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී පොලිස් සැරයන්වරයකුගේ රාජකාරී පිස්තෝලය උදුරාගෙන සිදු කළ වෙඩිතැබීමෙන් මියගිය පොලිස් සැරයන් ප්රියන්ත රත්නවීර මහතාට වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මණ්ඩාවල පිහිටි සැරයන් ප්රියන්ත මහතාගේ නිවසට ගොස් ඔහුගේ දේහයට අවසන් ගෞරවය දැක්වීය.
මෙම සිද්ධියෙන් මියගිය පොලිස් සැරයන් රත්නවීර මහතා උප පොලිස් පරීක්ෂකවරයකු වශයෙන් උසස් කිරීමට හා මියගිය අයගේ ඥාතීන්ට සිය කණගාටුව ප්රකාශ කළ අතර පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් රුපියල් මිලියනයකට අධික මුදලක් ප්රදානය කර ඇත.
කසුන් රණසිංහ