අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කිරීමේදී සාමවිනිසුරුවරයෙකු ඉදිරියේ අත්සන් කළ දිවුරුම් ප්රකාශයක් ඉදිරිපත් කළ යුතු බවත්, ඒ අනුව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සම අනුව ඔහු සිටින්නේ කුමන ස්ථානයේද යන්න සොයාගත හැකි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ජනාධිපති නීතීඳ නිසාම් කාර්යප්පර් මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේ විවාදයේදී අද(11දා) අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
හිටපු පොලිස්පති අත්අඩංගුවට ගැනීම වලක්වාලමින් අභියාචනාධිකරණයට රිට් ඉල්ලීමක් ඉදිරිපත් කරලා. අභියාචනාධිකරණයට රිට් ඉල්ලීමක් ඉදිරිපත් කරන්න දියුරුම් ප්රකාශයක් ලබා දෙන්න ඕනී. ඒ දියුරුම් ප්රකාශය සාමවිනිසුරුවරයෙකු ඉදිරියේ තමයි ලබා දෙන්නේ. දැන් ඒ ලේඛන අධිකරණයේ තිබෙනවා. පොඩ්ඩක් හොයලා බැලුවා නම් මේ සාමවිනිදුරුවරයාගේ නම මේ වෙට්ටු දාන පොලිස්පතිවරයා අල්ල ගන්න පුළුවන්. එයාගේ ඉස්සරහනේ අත්සන් කරලා ඇත්තේ. පොඩ්ඩක් මේ ගැන කල්පනා කරන්න ඕනී. මම දන්නේ නෑ මොනවා වෙලාද කියලා අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට.