අග්රාමාත්යවරයා විශේෂ ප්රකාශයක් කර සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බවට දැනුවත් කර ඇති බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී ජගත් කුමාර මහතා පවසයි.
ඒ කියන්නේ අද එතුමා ඉවත් වෙයි කියලා ඔබතුමාලා හිතනවා?
ඔව් එහෙම ප්රකාශයක් කරනවා කියලා තමයි අපිව දැනුවත් කරලා තියෙන්නෙ.
ජනාධිපතිවරයා සමග ඉදිරියට යන්න ඔබතුමාලා සූදානම්ද?
තවම පක්ෂයක් විදිහට, රජයක් විදිහට කරන දේ දන්නේ නෑ. ජාතික එකඟතාවක් සහිතව මේ අර්බුදයෙන් ගොඩ එන්න අපි කටයුතු කරන්න ඕන. තනියෙන් ප්රශ්න විසඳන්න පුළුවන් කමක් නෑ. අපි එකතුවුණොත් තමයි ගෑස් ටික විදුලිය, තෙල් ටික දෙන්න පුළුවන් වෙන්නේ.
තනතුරු වරදාන ගැන නොසිතා, ජනතාව කියනවානම් ඒවා අතහරින්න කියලා ඒවා අතහැරලා ඉදිරියට යා යුතුව තිබෙනවා.
කණ්ඩායමක් කියනවා අගමැතිට යන්න දෙන්නෙම නෑ කියලා. ඔබතුමාලත් ඉන්නේ මේ මතයේද?
අපි ඉන්නේ ජනතාවගේ, මහානායක හිමිවරුන්ගේ මතයේ. ඔක්කොම එකතුවෙලා තීන්දුවක් අරගෙන ජනතාව රට බේර ගන්න ඕන.
විශ්වාසංගයකින් යන එකට වඩා හොඳයි ඉල්ලා අස්වෙන එක.