කොරෝනා වසංගතය හේතුවෙන් ලෝකයේ විවිධ රටවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා රජයේ අවධානය යොමුව ඇතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
රට තුළ කොරෝනා වසංගතය පැතිර යාම පාලනය කළ වහාම මේ සඳහා අවශ්‍ය පියවර ගැනීමට ජනාධිපතිවරයා හා අගමැතිවරයා අපේක්ෂා කරන බවද ඔහු පෙන්වා දෙයි.
මේ වන විට ලෝකය පුරා විවිධ රටටවල සිටින ශ්‍රී ලාංකිකයෝ තමන්ගේ මව්බිමට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලීම් කරති. විදේශ කටයුතු අමාත්‍යංශය මේ සඳහා දැනටමත් මැදිහත්ව තිබේ.
මෙලෙස විදේශ රටවල සිටින විශ්ව විද්‍යාල සිසු සිසුවියන්, විවිධ වෘත්තිකයන් පිළිබඳ තොරතුරු එම රටවල තිබෙන තානාපති කාර්යාල, මහ කොමසාරිස් කාර්යාල හා කොන්සල් ජෙනරල් කාර්යාල හරහා දැනටමත් ලබා ගෙන ඇතැයි ඇමතිවරයා පෙන්වා දෙයි.
මෙම සියළු තොරතුරු ජනාධිපතිවරයා හා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සෞඛ්‍ය අංශ නිර්දේශ මත මෙම පිරිස ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට විදේශ කටයුතු අමාත්‍යංශය සැලසුම් කර තිබේ. රජය ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා දුන් වහාම විදේශ කටයුතු අමාත්‍යංශය සමග එක්ව ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවය ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට සුදානමින් සිටින බවද ඇමතිවරයා පෙන්වා දෙයි.