ආර්ථික කමිටු දෙක අතර විවාදය සහ නායකයන් දෙදෙනා අතර විවාදය පැවැත්වීමට දින එකවර තීරණය කරන ලෙස ජාතික ජන බලවේගයට යෝජනා කරන බවත්, ඒ අනුව සමගි ජන බලවේගය මෙම විවාද දෙකටම සූදානම් බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අවසන් වරට තමා මෙම ප්‍රකාශය කරන බව හම්බන්තොට මුල්කිරිගල වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයට සක්වළ වැඩසටහන යටතේ අද (30දා) සුහුරු පන්තිකාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
"මේ බංකොලොත් රටේ අපි යා යුතු ගමන, අපි යා යුතු ගමන් මාර්ගය, අපි යා යුතු වැඩපිළිවෙළපිළිබඳ ඇත්තටම විවාදයක් තියෙන්න ඕනෑ. ඇත්තටම හොඳ ප්රශස්ත සාකච්ඡාවක් තියෙන්න ඕනෑ. අදහස් යෝජනා හුවමාරු කරගන්න ඕනෑ. මොකද කාටවත් යන්න බෑ අපි ළඟ තමයි අංග සම්පූර්ණම විසඳුම තියෙන්නේ කියලා. සෑම කෙනෙක් ළඟම හොඳ හොඳ අදහස් තියෙනවා. ඒ අදහස් හා යෝජනා වාද විවාදයට ලක් කරලා, සාකච්ඡා කරලා යෝජනා ඉදිරිපත් කරලා මහජන විවාදයක් ක්‍රියාත්මක වීම අතිශයින්ම වැදගත්.
ආර්ථික ක්ෂේත්රයේ ප්‍රගතියක් ලබන එක කොහොමද විකාර වැඩක් විදියට සඳහන් වෙන්නේ? සමහරු කියනවා මේ ආර්ථිකය ගැන වාද විවාද ඕනැ නෑ, ඒවා විකාර වැඩ කියලා. එහෙම කොහොමද වෙන්නේ? අපි කියනවා ආර්ථික කණ්ඩායම් දෙගොල්ලෝම බොහොම සුහද වාදයක් කරමු ඒ අයගේ විසඳුම් මාලාව සහ අපේ අයගේ විසඳුම් මාලාව ගැන. ඒ ආර්ථික විවාදයට දින යොදාගන්නවා වගේම නායකයෝ දෙපලගේ විවාදයටත් දින යොදාගමු. දෙකටම එකවර දිව යොදා ගමු. අපි වාද විවාදවලින් පැනලා යන්නේ නෑ.
තමන්ට ආර්ථික ටීම් එකක් නැතිනම් , තමන්ට ආර්ථික දර්ශනයක් නැතිනම්, තමන්ට ආර්ථික වැඩපිළිවෙළක් නැතිනම් අනිවාර්යෙන්ම කැමති වෙන්නේ නෑ ආර්ථික ක්ෂේත්රය ගැන විවාදයකට. එහෙම ආර්ථික කණ්ඩායමක් නැතිනම් අපි උදව් කරන්නම් ඒ වගේ ආර්ථික කණ්ඩායමක් හදලා දෙන්න. අපි ඕනැ නම් උපකාරක පන්ති ටිකක් තියන්නම්.
ඒ නිසා අවසාන වතාවට මම මේ වාද විවාද ගැන මේ දේ කියන්නේ. ආර්ථික කණ්ඩායම්වල විවාදයටයි, නායකයෝ දෙපලගේ විවාදයටයි එකවර දින දෙක තීන්දු කරමු. අපි සූදානම් විවාද දෙකටම. මොකද ආර්ථික විවාදය මේ රටට අත්‍යාවශ්‍යම එකක්. අවසාන වතාවට මම කියන්න කැමතියි.අපේ යාළුවන්ට, සහෝදරයන්ට අපි ඉල්ලීමක් කරනවා වැඩියට බොරුවට මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව අපි එකට දින දෙක යොදාගමු. කවමදාකවත් අපි වාද විවාදවලින් පැනලා යන්නේ නෑ. "