විභාග මධ්‍යස්ථානයට ගෙන යා නොහැකි තහනම් ද්‍රව්‍ය රැගෙන ගියහොත් වසර 05කට විභාග තහනමක් පැනවිය හැකි බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය හෙට (17දා) ආරම්භ වන අතර, ඒ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට අද (16දා) එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
“විභාග මධ්‍යස්ථානයට විභාගය ලිවීම සඳහා අවශ්‍ය වන පෑන්, පැන්සල් වැනි ද්‍රව්‍ය රැගෙන යන්න පුළුවන්. වෙන කිසිදු දෙයක් ඔබට රැගෙන යන්නට බැහැ. අවශ්‍ය නම් කෙනෙකුට ජලය පානය කරන්න වතුර බෝතලයක් අරන් යන්න පුළුවන්. ඒ ඇරුනුකොට වෙනත් දෙයක් අරන් යන්න අවශ්‍ය වෙන්නේ නෑ. විශේෂයෙන් මතක තියාගන්න අපි ගෙනියන්න සම්පූර්ණයෙන්ම තහනම් කරපු ද්‍රව්‍ය තියෙනවා. ජංගම දුරකථන, ස්මාර්ට් අත් ඔරලෝසු, ජංගම දුරකථන ආශ්‍රිතව භාවිත කරන්නට පුළුවන් සන්නිවේදන විද්‍යුත් උපකරණ කිසිවක් මධ්‍යස්ථානයට රැගෙන යන්න බෑ. සම්පූර්ණයෙන්ම තහනම්.
ජංගම දුරකථනයක් හෝ ඒ ආශ්‍රිතව පාවිච්චි කරන සන්නිවේදන උපකරණයක් ඔබ භාරයේ තිබුනොත් අපි විභාගය පැවැත්වෙන අවස්ථාවේදී ඒ පිළිබඳව දැඩිව කටයුතු කරනවා. අපි නීතිය තුළ ක්‍රියාත්මක වෙන්නේ. ඉදිරි වසර 05කට විභාග තහනමකට ලක්විය හැකි වරදක් හැටියට.ඒ පිළිබඳ විශේෂයෙන් මතන් කරනවා.”