විපක්ෂයේ සමගි ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ මෙම සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර තිබේ. රට මුහුණ දෙන අර්බුදය විසදීමට ආණ්ඩුවට නිශ්චිත වැඩ පිළිවෙළක් ආණ්ඩුව මේ දක්වා ඉදිරිපත් නොකිරිමට විරෝධය දක්වමින් ඔවුන් මෙම තීරණය ගෙන තිබේ.
මුලින්ම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ සමගි ජන බලවේගයත්, සමගි ජන සන්ධානයත් පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කරන බවයි. ඉන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ ආණ්ඩුව ඉදිරි වැඩපිළිවෙළ ඉදිරිපත් කරන තෙක් විපක්ෂය ලෙස මෙම සතියේදී පාර්ලිමේන්තුව වර්ජනය කරන බවයි.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_80989cd8ad.jpg)