ජනාධිපතිවරයාගේ ආරාධනාව ප්‍රතික්ෂේප කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවට විපක්ෂය සහභාගී නොවීමට ගනු ලැබූ තීරණය ඉතා පහත් ක්‍රියාවක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද (10දා) අනුරාධපුරදී පැවති මාධ්‍ය හමුවකදීය.
"විපක්ෂයක් සෑම විටම රජයේ මතයට එකඟ විය යුතු නැති වුනත් වග කියන විපක්ෂයක කාර්ය භාරය වෙන්නෙ, රටක් කිසියම් අභියෝගයකට මුහුණ දෙන අවස්ථාවේදී රට බේරා ගැනීම සඳහා කටයුතු කිරීමයි.
රටේ ඇතිව තිබෙන තත්ත්වය හමුවේ සියලු දෙනාගේම අදහස් ලබා ගැනීම හා හවුල් කර ගැනීම සදහාත් විපක්ෂ පවසන වෙනස්කම් පිළිබඳව අවධානය යොමු කර සාකච්ඡා කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් සත්භාවයෙන් යුතුව ඊට සුදුසුම වේදිකාව නිර්මාණය කරමින් සිටිනවා. හෙට (11) දිනයේ ජාත්‍යන්තර මූල්‍ය අර මුදල හා විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන් එක් කර ගැනීමට කටයුතු තිබෙනවා.
රටේ ජාතික අවශ්‍යතාවය සලකා බලා රජයට සහයෝගය ලබා දීමට කැමති මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විපක්ෂයෙ සිටිනවා. එසේ තිබියදී ජනාධිපතිතුමාගේ ආරාධනාව ප්‍රතික්ෂේප කරමින් හෙට දිනයේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාව සඳහා විපක්ෂය සහභාගි නොවීමට ගත් තීරණය ඉතා පහත් ක්‍රියාවක්"