ජාතික ජන බලවේගය පවසන ලෙසට විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේනම්, ගතවන දින කිහිපය ඊට සුදුසුම වේලාව යැයි ශ්රී ලංකා පොදුජන පෙරමුණෙහි ජාතික සංවිධායක නාමල් රාජපක්ස මහතා පැවසීය.
ඔහු සඳහන් කර සිටියේ, තම පක්ෂයේ හා තමාගේ සම්පූර්ණ සහයෝගය ඊට ලබාදෙන බවයි.
1994 සිට මේ දක්වා විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට සියලු ජනාධිපතිවරු පැවසුවත්, එසේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට කිසිවකු කටයුතු නොකළ බවද පෙන්වා දුන් රාජපක්ෂ මහතා, විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේනම් හොඳම වෙලාව පත්වී ආසන්න දිනක බවද පැවසීය.