මේ වසරේ පළමු මාස 06 තුළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 3,144ක් දක්වා ඉහළ ගොස් තිබේ.
පසුගිය වසරේ එම කාල සීමාව තුළ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ලැබී ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 2,823ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.
එසේම වසරේ පළමු මාසය 6තුළ සංචාරක ක්ෂේත්රයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 1,557ක් මුදලක් උපයා ඇති අතර එය පසුගිය වසරේ අනුරූප කාලය හා සැසදීමේදී දෙගුණයකට ආසන්න වර්ධනයක් බව මහ බැංකුවේ දත්ත පෙන්වා දෙයි.
මේ අතර ජුනි මාසය අවසාන වන විට මෙරට දළ නිල සංචිත ප්‍රමාණය ද අමෙරිකානු ඩොලර් බිලියන 5.7ක් දක්වා ඉහළ ගොස් තිබේ.