කොරෝනා වසංගතයත් සමග ගුවන් ගමන් සීමා කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් මේ වන විට රජය සකස් කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
ඒ අනුව ජනපති කාර්ය සාධක බළකාය මේ පිළිබඳව දීර්ඝ වශයෙන් වශයෙන් සාකච්ඡා කළ බවත් කුමන රටවල සිටින ශ්‍රී ලාංකිකයන් මුලින්ම ගෙන්වා ගන්නේදැයි යන්න පිළිබඳව සළකා බලමින් සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.
ඔවුන් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනිමේදී රටට ඇතිවිය හැකි අවධානම පිළිබඳව මනාව අවබෝධයකින් කටයුතු කළ යුතුව ඇති බවත් නිරෝධානය පහසුකම් පිළිබඳව තවදුරටත් අවධානය යොමුකළ යුතුව ඇති බවත් ඔහු පැවැසීය.
ශ්‍රී ලංකාවේ මේ දක්වා කොරෝනා වසංගතය පාලනය කිරීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක වී ඇති බවත් මේ වන විට ලංකාවේ කොරෝනා රෝගීන් සියයට 99.9ක්ම වාර්තා වන්නේ නිරෝධායන මධ්‍යස්ථාන තුළින් බවත් ඔහු ප්‍රකාශ කළේය.
ඒ අනුව විදේශයන්හි සිට නැවතත් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා අය මෙම නිරෝධායන මධ්‍යස්ථානවලින් බාහිර වෙනත් නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධානය කළ යුතුව ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.