විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට දිනයක් වෙන් කරවා ගැනීම අද(04දා) සිට මාර්ගගත ක්‍රමයට සිදු කරන බව ආගමන විගමන පාලක ජනරාල් (වැඩබලන) බී. එම්. ඩී. නිලුෂා බාලසූරිය මහත්මිය පැවසීය.
දැන් කොළඹ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
“අපිට අද අලුත් මාර්ගගත ක්‍රමයක් හඳුන්වා දෙන්න හැකියාව ලැබෙනවා. මේ ක්‍රමය යටතේ ඔබට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ප්රවිශ්ට වීමට හැකියාව තිබෙනවා. එහි වම්පත සඳහන් වෙනවා විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහ දිනයක් වෙන් කර ගැනීම යන සබැඳියාව. ඒ සබැඳියාවට පිවිසීම තුළින් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා දිනයක් වෙන් කර ගැනීමේ පද්ධතිය වෙතට ඔබට ප්රවිශ්ට වෙන්න පුළුවන්.
ඒ අනුව ඔබට දවසේ ඕනෑම වෙලාවක, ඕනෑම තැනක සිට, ඕනෑම පුද්ගලයෙකුට මේ වෙබ් අඩවිය හරහා දිනයක් වෙන් කරවා ගැනීමේ හැකියාව පවතිනවා. ”