ලෙබනනයේ සහ ඊශ්‍රායලයේ පවතින වහා වෙනස්වනසුලු තත්ත්වය සැලැකිල්ලට ගනිමින් බෙයිරූට් නුවර සහ ටෙල් අවිව් නුවර ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාල දැඩි සෝදිසියෙන් පසුවන අතර, ප්‍රහාර එල්ල වන ප්‍රදේශවල වාසය කරන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මෙතෙක් එම ප්‍රහාරවලින් කිසිදු ශ්‍රී ලාංකිකයකුට හානියක් සිදුවී නොමැති බවද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.