මාතලේ රිවස්ටර්න් හා නකල්ස් වන රක්ෂිතයේ සංචාරය සදහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් හට නව ආහාර වල පහස හා අත් දැකීම් ලබාදීමේ අරමුණින් යුතුව කුඩා හා මධ්‍ය පරිමාණ හෝටල් හිමිකරුවන් හා ඒවායේ සේවයේ නියුතු සූපවේදීන් හට න්‍යායාත්මක හා ප්‍රායෝගික වැඩමුළුවක් ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් රිවස්ටර්න් මහලකොටුව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී දින 05ක් පුරාවට පැවති අතර එය 26 වෙනිදා අවසන් විය.
ඕස්ට්‍රේලියානු රජයේ ආධාර මත ක්‍රියාත්මක අන්තර්කරණීය වර්ධනයක් උදෙසාවූ නිපුණතා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වු වැඩමුළුව සදහා මාතලේ දිස්ත්‍රීක්කයට අයත් ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පිහිටි කුඩා හා මධ්‍ය පරිමාණ සංචාරක හෝටල් හිමියන් හා එහි සේවයේ නියුතු සූපවේදීන් 35 දෙනෙකු පමණ සහභාගි වී සිටියහ.
ඕස්ට්‍රේලියානු රජය හා ශ්‍රී ලංකා රජය අතර ද්වි පාර්ශවික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කරනු ලබන අතර මෙරට සංචාරක කර්මාන්තයේ ගුණාත්මක බාවය වැඩිදියුණු කරමින් වඩා හොද සංචාරක සේවාවක් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් යුතුව මෙම වැඩසටහන දිවයින පුරා ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියම්තය.
දිවයිනේ අති දක්ෂ සූපවේදීන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම වැඩසටහන යටතේ ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පිහිටි හෝටල් හිමියන් හා සූපවේදීන් එම ප්‍රදේශවලට ආවේනික ආහාර වලින් දෙස් විදෙස් සංචාරකයින් සදහා රසවත්ව ආහාර හා පාන වර්ග පිලියෙල කිරිම මෙහිදී සිදු කෙරිණි.
මෙම වැඩමුළුවේ එක් එක් අය හට තමන්ගේ හැකියාව හා දක්ෂතා මත විවිධ ආහාර හා පාන වර්ග සැකසීමට අවස්ථාව හිමිකර දී තිබූ අතර එහිදී ඔවුන් විසින් මහත් පරිශ්‍රමයක් දරා සකස්කර තිබූ ආහාර හා පාන වර්ගයන්ගේ ප්රදර්ශනයක්ද පැවැත්වූහ.
මෙම අවස්ථාව සදහා ඕස්ට්‍රේලියානු ආධාර වැඩසටහනේ නිපුණතා වැඩසටහන් විශේෂඥ හා අන්තර්කරණීය වර්ධනයක් සදහා වූ උතුරු මැද පලාත් සම්බන්ධීකාරක ගාමිණී නන්ද කුමාර මහතා, මාතලේ දිස්ත්‍රීක්කයේ සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ නිලධාරීන් හා මාතලේ දිස්ත්‍රීක්කයේ සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක හෝටල් හිමියන් හා ඒවායේ සේවයේ නියුතු සූපවේදීන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ. (I .J)
නිමල් ජයරත්න