2023 ජනවාරි මාසය අවසානයේ දී ශ්රී ලංකාව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 2,120 ක් බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
2022 දෙසැම්බර් මාසය අවසානයේ දී එම අගය ඩොලර් මිලියන 1,898 ක්විය. ඒ අනුව සංචිත වත්කම් ප්රමාණය 11.7%කින් ඉහළ ගොස් තිබේ.
නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත වන ප්රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය 2022 දෙසැම්බර් මාසය හා සැසදීමේදී 2023 ජනවාරි මාසයයේදී ඩොලර් මිලියන 1,863 සිට ඩොලර් මිලියන 2,064 ක් දක්වා 10.8% කින් වැඩි වී ඇත.
මේ අතර ශ්රී ලංකා මහ බැංකුව සතු රන් සංචිතය ද ජනවාරි මාසය තුළ දී ඩොලර් මිලියන 28 සිට ඩොලර් මිලියන 29 ක් දක්වා ඉහළ ගොස් තිබේ.