2022 වසරේ මාර්තු මාසය හා සැසදීමේදී මේ වසරේ මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව වෙත ගලා ආ විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ඉහළ අගයකින් වර්ධනය වී තිබේ.
ඒ අනුව 2022 මාර්තු මාසයේදි විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ඇමෙරිකානු ඩොලර් මිලියන 318.4ක් වූ අතර එය මේ වසරේ මාර්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 568.3ක් දක්වා සියයට 78.5කින් වර්ධනය වී තිබේ.
මේ වසරේ පෙබරවාරියේ විදේශ ප්‍රේෂණ ලැබීම් ඇමරිකානු ඩොලර් මිලියන 407ක් වූ අතර එම අගයට වඩා ඇමෙරිකානු ඩොලර් මිලියන 161.3කින් ශ්‍රමික ප්‍රේෂණ ඉහළ ගොස් තිබේ.