දේශීය ලොකු ලුණු අස්වැන්න නෙලීම ආරම්භ කර ඇති නිසාවෙන් වහාම විදේශ රටවලින් ගෙන්වන ලොකු ලූනු පාලනය කිරීම සිදු නොකළහොත් මෙම කන්නයේ ද ලුණු ගොවීන් අසීරුතාවයකට පත්විය හැකි බව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ සභාපති .සි .එස්. සිරිවර්ධන මහතා පැවසීය.
විදේශීය රටවලින් ගෙන්වන ලොකු ලූණු සඳහා විශේෂ බදු මුදලක් පනවා ආනයනය සීමා කිරීම සිදුකළ යුතු බවත් එසේ නොවුනහොත් දේශීය ලොකු ලූනු ගොවියාට තමන් වියදම් කළ මුදල හෝ සොයා ගැනීමට නොහැකි වන බවද වෙළඳ සංගමයේ සබාපති වරයා වැඩිදුරටත් පෙන්වා දෙයි .
දඹුල්ල වැවලවැව ප්‍රදේශයේ වගා කෙරුණු දේශීය ලොකු ලූණු අස්වනු මීට දින තුනකට පමණ ඉහත සිට නෙලීම ආරම්භ කොට තිබේ .ලොකු ලුණු කිලෝ එකක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ අලෙවි වන්නේ රුපියල් 130 සිට රුපියල් 170 දක්වා වූ මිල පරාසයක් තුළ බව ගොවීහු පෙන්වා දෙති.
එවැනි තත්ත්වයක් තිබියදී ඉන්දියාව සහ පාකිස්තානයෙන් ගෙන්වන ලද විදේශීය ලොකු ලූණු කිලෝව රුපියල් එක 120 ත් 230 ත් දක්වා වූ මිල ගණන් යටතේ අලවි කිරීම සිදුවෙන නිසාවෙන් දේශීය ලොකුළුණු සඳහා සාධාරණ මිලක් නොලැබෙන බව ගොවීන් පවසති.
ගලේවෙල මහා පරිමාණ දේශීය ලොකුළුණු වගා කරුවෙකු වූ එස්.ඒ .රතනපාල මහතා කියා සිටියේ තමන් මෙවර රජය විශ්වාස කොට රජයෙන් කළ ඉල්ලීම අනුව රුපියල් මිලියන තිස්පහක් වියදම් කොට ලොකු ලුණු අක්කර විසි පහක් වගා කළ බවය, දේශීය ලොකු ලූණු සඳහා සාධාරණ මිලක් ලබා ගැනීමට නම් කඩිනමින් විදේශීය ලොකු ලුණු සදහා බදු මුදලක් පනවා පාලනය කළ යුතු බවත් බදු සහන කූට ව්‍යාපාරිකයන්ට ලබා ගැනීමට නොහැකි වන පරිදි කඩිනමින් මේ දිනවල පැනවිය යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය.
ලොකු ලුණු වගා කිරීම සඳහා යන පිරිවැය විශාල වශයෙන්ම අධික වීම නිසා ලූණු කිලෝ එකක් නිෂ්පාදනය කිරීමට රුපියල් 150කට අධික මුදලක් වියදම් වන බව බවද වෙළඳපළේ දේශීය ලොකු ලූණු කිලෝ එකක් රුපියල් දෙසිය පනහක උපරිමයකට අලවි කිරීම සිදුකළ හොත් ගොවියාට පාඩුවක් නොවන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
පාරිභෝගිකයාත් ගොවියාත් ආරක්ෂා කිරීම සඳහා එම මුදල ප්‍රමාණවත් බව එස්.ඒ .රතනපාල ගොවි මහතා සඳහන් කරන්නට විය
බෝංචි කිලෝ වක් රුපියල් 600 කට ලබා ගන්නා පාරිභෝගිකයන් ලොකු ලුණු කිලෝ වක් රුපියල් 250 කට මිලදී ගැනීම සිදුකරන්න හැකි බවත් නිවසකට අවශ්‍ය වන්නේ ලුණු ඉතා පොඩි ප්‍රමාණයක් නිසා පාරිභෝගිකයන්ට එතරම් අසාධාරණයක් නොවන බවය.