තමන්ගේ විදෙස් සංචාර සඳහා ලක්ෂ 700ක් වැය වූ බව අයෙක් ප්‍රකාශ කර තිබූ බවත්, ආපසු ශ්‍රී ලංකාවට ගොස් දවස් කිහිපයකින් සියලු විදේශ සංචාර සඳහා වැය වූ වියදම් ජනතාවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වන බවත් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජාතික ජනබලවේගය වැයකර තිබෙන්නේ රජයේ මුදල් නොවන බවට සහතිකයක් දෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.
අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (21දා) ජපානයේ සුකුබා හි පැවති ජනහමුවක් අමතමිනි. මාලිමාවේ අපේක්ෂාව ලෝකයේ ඕනෑම රටක් සමග කරට කර යා හැකි රටක් නිර්මාණය කිරීම බව ද ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාරයේ සියලු තොරතුරු හෙළිකර ගන්න බවත්, නැවත එවැනි ව්‍යසනයක් සිදු නොවීමට වගබලා ගන්නා බවත්, මේ සඳහා වගකිව යුතු කවර හෝ තරාතිරම්වල අය නීතියට ඉදිරියට ගෙන යාමේ වගකීම බාර ගන්න බවත් ඔහු ප්‍රකාශ කළේය. ජනහමුව සඳහා සහභාගි වී සිටි කාන්තාවක් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් දිසානායක මහතා මේ බව සඳහන් කළේය.
" ජපානයේදී අපි පවත්වමින් ඉන්නේ මැතිවරණයට පෙර පවත්වන අවසන් විදෙස්ගත ශ්‍රී ලාංකික හමුවයි. විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් ඇමතීමේ අවසන් රැස්වීම ජපානයට යොදා ගත්තේ අපේ රටේ ආර්ථිකයට හවුල්විය හැකි විශාල කණ්ඩායමක් ජපානයේ සිටින නිසයි.
ඒ වගේම දැනුම, අත්දැකීම්, නිපුණතා සහිත පිරිසක් මෙන්ම විශාල තරුණ ප්‍රජාවක් ජපානයේ සිටිනවා. ඔබගේ ඒ ජවය සහ ශක්තිය අපේ රටේ පරිවර්තනය සඳහා ශක්තිමත්ව එක්කර ගැනීමේ අරමුණෙන් අවසන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ හමුව ජපානයට යොදා ගත්තා. මගේ විදෙස් සංචාර සඳහා ලක්ෂ 700ක් වැය වූ බව අයෙක් ප්‍රකාශ කර තිබුණා.
ආපසු ශ්‍රී ලංකාවට ගොස් දවස් කිහිපයකින් සියලු විදේශ සංචාර සඳහා වියදම් ජනතාවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දරන කාලය තුළ විදෙස් සංචාර සඳහා දැරූ වියදම්, සංචාරක ඇමති හරින් ප්‍රනාන්දු, විදේශ රැකියා ඇමති මනුෂ නානායක්කාරත් ඒ වියදම් කළ යුතු බව කල්පනා කරනවා. අපි වැයකර තිබෙන්නේ රජයේ මුදල් නොවන බවටත් සහතිකයක් දෙනවා. " යනුවෙන් ද පැවසීය..