විදෙස්ගතව සිට ශ්‍රී ලංකාවට පැමිණෙන්නන් සඳහා COVID-19 එන්නත් සහතිකයක් ඉදිරිපත් කිරීමේ අනිවාර්ය අවශ්‍යතාවය අද (දෙසැම්බර් 07) සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
එසේම සියලුම විදේශිකයන් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙරාතුව අවශ්‍යව තිබු සෘණාත්මක පී.සී.ආර්. පරීක්ෂණය මෙන්ම කළ යුතු ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයද තවදුරටත් අවශ්‍ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් (DGHS) වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
විදේශීය ජාතිකයෙකු ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ COVID-19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කළහොත්, ඔවුන් තම නිවසේ, පෞද්ගලික රෝහලක හෝ හෝටලයක දින හතක කාලයක් ස්වයං හුදකලා විය යුතු අතර ඒ සඳහා වන සියලු වියදම් ඔවුන්ට දැරිමට සිදුවෙයි.