කුවේට් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කුලී රථයකින් තම ගම් ප්‍ර දේශයට ගමන් කරමින් සිටියදී කුරුණෑගල - කැප්පිටිගල මාර්ගයේදී පිරිසක් විසින් කැබ් රථයකින් ඔහු පැහැරගෙන ගොස් තිබේ.
කෙසේ වෙතත් පැහැර ගැනීමට ලක්වූ පුද්ගලයා ඊයේ සවස් කාලයේදීම නාරම්මල පොලිස් වසමේදී පැහැරගත් පුද්ගලයා සොයා ගෙන ඇති අතර ඔහු පැහැරගත් සැකකරුවන් හතර දෙනාද පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පැහැර ගැනීමට හේතුව අණාවරණය නොවන බවත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂක රිදීගම පොලිසීය විසින් සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.