අපොස සාමාන්‍ය පෙළ අවසන් වීමත් සමග ආණමඩුව ප්‍රධාන පෙළේ පාසලක විදුහල්පතිවරයාට හා ආරක්ෂක නිළධාරීයාට පහර දීමේ සැලසුමක් ඇති බවට සිසුවෙකුගේ මවක් කල දැනුවත් කිරීමත් සමග පාසලට පොලිස් ආරක්ෂාව සමග පොලිස් බුද්ධි නිළධාරින් යෙදවිමට සිදුව තිබු බව ආණමඩුව පොලිසිය කියයි.
ආණමඩුව නගරයෙ ප්‍රධාන පෙලේ පාසලක ආපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටි සිසුවකුට තම මිතුරේකුට දුරකතකනයෙන් නිවසේ දී කල දැනුවත් කිරීම මවට ඇසිමේන් පසු ඇය මේ පිළිබදව කල දැනුවත් සමග ආණමඩුව පොලිසිය විසින් අදාල 15 දින දින දැඩි ආරක්ෂාවක් පාසල් භුමියටත් නගරයටත් යොදා තිබු බව කියයි.
අපොස සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයක්ව තිබු අදාල ප්‍රධාන පාසලේ විදුහල්පතිවරයාට හා ආරක්ෂක නිළධාරීයාට 15 දින විභාගය අවසන් වීමත් සමග පහර දීමට මෙම සිසුවා හා තවත් සිසුන් කිප දෙනෙකු සැලසුම් කරමින් තිබු බව පැවසෙයි.
කෙසේ නමුත් අදාල පාසලේ සිසුන් 200 කට වැඩි පිරිසක් මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිට තිබු අතර බහුතරයක් සිසුන් තම පාසලේ නම ආරක්ෂා කරමින් පාසලේ ගෞරවයක් රැකෙන අයුරීන් කටයුතු කරමින් සිටියදී මෙවන් සිසුන් සුළු පිරිසක් පාසල තුළ නොමනා කටයුතු වල හැසිරි ඇති බවද පැවසෙයි.
කෙසේ වෙතත් මෙම අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් විමත් සමග මෙම ප්‍රධාන අදාල ප්‍රකාශ කල සිසුවා ඇතුළු සෙසු සියලුම සිසුන් හා මව්පියන් පාසල භුමියට කැදවා විදුහල්පතිවරයා විසින් මෙම සිද්දිය ඇතුළු අනිකුත් සිදුවිම් හා දරුවන්ගේ විනය විරෝධි ක්‍රියා සම්බන්ධයෙන් දැඩි දෝෂාරෝපනය කිරීමක් සිදුකර තිබේ.
කෙසේ වෙතත් මෙයින් පසු සියලුම සිසුන් විදුහල්පතිවරයාගේ හා ආරක්ෂක නිළධාරීයොට වැද පාසලින් පිටතට ගිය බව පොලිසිය පවසයි.