පන්නිපිටිය ඇරැව්වල ප්රදේශයේ විදුලි උපකරණ අළුත්වැඩියා කරන ස්ථානයක නවාතැන් ගැනීමට අවසර නොදීමට උරන වූ පුද්ගලයකු එහි හිමි කරුගේ හිසට විදුලි ස්ත්රික්කයකින් පහරදී ඝාතනය කර ඇතැයි මහරගම පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පන්නිපිටිය ඇරැව්වල නො, 752 / A හි පදිංචි යමාන ගෙදර දයාසිරි නමැති (69) හැවිරිදි කාර්මික ශිල්පියකු බව පොලීසිය කියයි.
මෙම පුද්ගලයා විදුලි උපකරණ අළුත් වැඩියාකරන ස්ථානයක් පවත්වාගෙන යන ඇරව්වල ප්රදේශයේ ව්යාපාරික ස්ථානයක සිය මිතුරන් දෙදෙනෙකු සමග මත් පැන් සාදයක් පවත්වමින් සිටියදී ඊට යාබද නිවසක ඇළුමිනියම් වැඩ කරන ගයාන් නමැත්තෙකු රෙදී බෑගයකුත් අතැතිව පැමිණ නිවසේ නවාතැන් ගැනීල්මට අවසර ඉල්ලා තිබේ.
එහෙත් ඊට එහි හිමිකරු අකමැත්ත පළ කිරීම නිසා ඔහු එම ස්ථානයෙන් පිටව ගොස් යළි පැය දෙකකට පමණ පසුව යළිත් වරක් පැමිණ එහි නවාතැන් ගැනීමට ඉඩක් ඉල්ලා තිබේ. එම අවස්ථාවේදී දෙදෙනා අතර බහින් බස් වීමක් හටගෙන ඇති අතර පසුව නිවසේ මේසය මත තිබූ විදුලි ස්ත්රික්කයකින් මරණකරුගේ හිසට පහර දී බරපතල තුවාල සිදුකර ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.
පසුව තුවාලකරු ප්රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව එහි ප්රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් තිබේ.ඒ අනුව මෘතදේහය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණ (26) දා හෝමාගම මූලික රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබුණි.
මේ අතර සිද්ධිය වූ ස්ථානයට නුගේගොඩ කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂානායතන නිලධාරීන් හා මහේස්ත්රාත්වරයා පැමිණ ස්ථානීය පරීක්ෂණ ආරම්භ කරන ලදී.
සිද්ධියට සම්බන්ධ සම්බන්ධ සැකකරු මේ වනවිට ප්රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත් අඩංගුවට ගැනීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක චේලක රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වතී .
ශාන්ත ප්රදීප් කුලරත්න