විදුලි පාරිභෝගිකයන්ට ලංකා විදුලි බල මණ්ඩලයෙන් මෙතෙක් මාසිකව නිකුත් කල බිල්පත වෙනුවට ඉලෙක්ට්‍රොනික බිල්පතක් නිකුත් කිරිමට විදුලි බල මණ්ඩලය පියවර ගෙන ඇත.
එම ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයට විදුලි පාරිභෝගිකයාගේ ගිණුම් අංකය සහ භාවිතා කර ඇති විදුලි ඒකක ගණන මනු කියවන්නා විසින් ඇතුලත් කිරිමෙන් පසු එම මසට අය විය යුතු සම්පුර්ණ මුදල සහ හිග මුදලක්ද ඇතොත් එයද සටහන් වි බිල්පත මුද්‍රණය වන බවයි මනු කියවන්නා කියා සිටියේ.
විදුලි පාරිභෝගිකයාගේ නව ක්‍රමයට බිල්පතක් ලබාදිමේදි මාර්ග ගත ක්‍රමයට බිල්පත් ගෙවා ඇත්නම් එම බිල්පත් ද නව බිල්පතින් අඩු වි එම ගෙවිමද මෙම බිල්පත මගින් විදුලි පාරිභෝගිකයාට දැන ගැනිමට හැකියාව ලැබෙන බවද මනු කියවන්නා පැවසිය.
එසේ විදුලි බල මණ්ඩලය විසින් හදුන්වා දුන් නව ඉලෙක්ට්‍රොනික බිල්පත් යන්ත්‍රය මගින් හැටන් ප්‍රදේශයේ විදුලි පාරිභෝගිකයන්ට නිකුත් කරන අයුරු දක්නට ලැබුණි.