(UPDATE) 7.46 PM විදුලි ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. අද රැස්වූ කැබිනට් මණ්ඩලය මෙසේ විදුලි ගාස්තු වැඩිකිරීමට අවසර ලබාදුන්නත් මිල වැඩි කිරිම සිදුවන්නේ කවදාදැයි යන්න සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වෙයි.
විදුලි ගාස්තු වැඩිකිරිම සම්බන්ධයෙන් වන යෝජනාව පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා එය ඉදිරියේදී මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
විදුලි ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාව පිළිබඳව අද දිනයේදී කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගැනිමට නියමිතව තිබේ.
විදුලි ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාව විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉකුත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.
කෙසේ වෙතත් ඒ පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සතියකින් කල් දැමුණ අතර අද දිනයේදි රැස්වීමට නියමිත කැබිනට් මණ්ලයේදී මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡාවට ලක්වෙනු ඇත.
මෙවර සියයට 65කින් විදුලි ගාස්තු ඉහළ දැමීමට යෝජනා කර ඇති අතර එහිදි වැඩිම බලපෑමක් එල්ල වන්නේ ඒකක අඩුවෙන් භාවිත කරන විදුලි පාරිභෝගිකයන් වෙතටය.