ලංකා විදුලි බල මන්ඩලය මගින් 2024 වසරේ සිදු කිරීමට යෝජිත දෙවන විදුලි ගාස්තු සංශෝධනයට අදාල අවසන් තීරණය ඒ පිළිබඳව මහජන අදහස් විමසීමෙන් පසුව ජූලි 15 දා ලබාදෙන බව ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
මේ වන විට විදුලි බල මන්ඩලය මගින් ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සමාලෝචනයට ලක්කරම්න් සිටින බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කරයි.
මෙම විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව උනන්දුවක් දක්වන්නන්ට අද සිට ජුලි 08 දක්වා ලිඛිතව අදහස් දැක්විය හැකි බවත් වාචිකව දක්වන්නන්ට ජුලි 09 දා කොළඹ දී අදහස් දැක්වීමට අවස්ථාව සලසන බවත් මහජන උපයෝගීතා කොමිෂන් සභාව දැනුම් දෙයි .
ජේ. ඉඳුරුවගේ