ජූලි මාසයේ 1 වනදා සිට විදුලි බිල අඩු කිරීමට යෝජනා කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
නව විදුලි බිල අඩුකිරිමේ යෝජනා අනුව ගාහස්ත විදුලි පාරිභෝගිකයන් වෙනුවෙන් වැඩි සහනයක් හිමිවීමට නියමිතය.
මෙහිදී ඒ් ඒ් ඒකක පරාසයන්වලිදී විදුලි ගාස්තු අඩුවන ආකාරය අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට පැහැදිලි කළේය.
ඒකක 0 - 30 අතර ඒකකයක මිල රුපියල් 8 සිට 6 දක්වා අඩු වෙයි.
ඒකක 30 - 60 අතර ඒකකයක මිල රුපියල් 20 සිට 9 දක්වා අඩු වෙයි.
ඒකක 60 - 90 අතර ඒකකයක මිල රුපියල් 30 සිට 18 දක්වා අඩු වෙයි.
ඒකක 90 - 120 අතර ඒකකයක මිල රුපියල් 50 සිට 30 දක්වා අඩු වෙයි.
ආගමික ස්ථාන සහ කුඩා කර්මාන්ත සඳහා ද මෙම සහනය ලබාදීමට නියමිත බවත් එම යෝජනාව හෙට (07) හෝ සඳුදා දිනයේ දී මහජන උපයෝගීතා කොමිසම වෙත භාරදීමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.