අද (04දා) මධ්‍යම රාත්‍රී 12.00 සිට විදුලි ගාස්තුව පොදුවේ 21.9 % කින් අඩු කළ බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි.
මේ අනුව ඒකක 30 අඩු කාණ්ඩයේ විදුලි එකකයක මිල 33 % කින් අඩු වී තිබේ. එනම් ඒකකයට රුපියල් 12 ක් අය කළ ගාස්තුව අද සිට රුපියල් 8 ක් දක්වා අඩු කර ඇත.
එම කාණ්ඩයේ මාසික ගාස්තුව රුපියල් 180 සිට රුපියල් 150 දක්වා අඩු කර තිබෙන අතර ඒකක 31- 60 අතර කාණ්ඩයේ විදුලි ගාස්තුව 28 % කින් පහළ දමා ඇත.
එම කාණ්ඩයේ විදුලි එකකයක මිල රුපියල් 30 සිට 20 දක්වා අඩු වී තිබෙන අතර, මාසික ගාස්තුව රුපියල් 360 සිට රුපියල් 300 දක්වා අඩු කර තිබේ.
ඒකක 61 -90 අතර කාණ්ඩයේ විදුලි ගාස්තුව 30 % කින් පහළ දමා තිබේ. ඒකකයකට අය කළ රුපියල් 41 ක ගාස්තුව රුපියල් 30 දක්වා අඩු වී මාසික ගාස්තුව රුපියල් 480 සිට රුපියල් 400 දක්වා අඩු වී ඇත.
ඒකක 91 -180 අතර විදුලි ගාස්තුව 24 % කින් අඩු කර තිබෙන අතර, එම කාණ්ඩය යටතේ රුපියල් 59 ක් අය කළ විදුලි ඒකකයක මිල රුපියල් 50 දක්වා අඩු කර තිබේ. මාසික ගාස්තුව රුපියල් 1180 සිට රුපියල් 1000 දක්වා අඩු කර ඇත.
ඒකක 180 ට වැඩි ගාහස්ථ කාණ්ඩයේ විදුලි ගාස්තුව 18 %කින් අඩු කර තිබෙන අතර රුපියල් 1770 ක් ලෙස අය කළ මාසික ගාස්තුව රුපියල් 1500 දක්වා අඩු කර තිබේ. විදුලි ඒකයක මිල රුපියල් 59 සිට රුපියල් 50 දක්වා අඩු කර ඇත.
ඒකක 180ට වැඩි කාණ්ඩයේ මාසික විදුලි ගාස්තුව රු.2360 සිට 2000දක්වා අඩුකර තිබෙන අතර විදුලි ඒකකයක මිල රු.89 සිට රු.75 දක්වා අඩු කර ඇත.
ආගමික ස්ථානවල විදුලි ගාස්තුව 33 % කින් අඩු කර තිබෙන අතර හෝටල් හා කර්මාන්ත අංශවල විදුලිබිල 18% කින් අඩු කර ඇත. පොදු කාර්ය කාණ්ඩ අය කළ ගාස්තුව 23 % ක් අඩු කර තිබේ. රාජ්‍ය අංශයේ විදුලි ගාස්තුව 22 % කින් අඩු කර ඇත. වීදි ලාම්පු සඳහා අය කළ ගාස්තුව 20 % කින් අඩු කර තිබේිිි.