විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවා සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරේ.
මෙකී සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී.ඒකනායක මහතා විසින් ඊයේ (05) දිනෙන් නිකුත් කරනු ලැබීය.
ඕනෑම රාජ්‍ය සංස්ථාවකින්,දෙපාර්තමේන්තුවකින්,පළාත් පාලන ආයතනයකින්,සමුපකාර සමිතියකින් හෝ ඒවායේ ශාඛාවකින් සපයනු ලබන මෙකී සේවාවන් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය බව හා එකී සේවාවට බාධාවක් හෝ අවහිරතාවයක් ඇතිවියහැකි බව සැලකිල්ලට ගනිම්න් ජනාධිපතිවරයා මෙම අත්‍යාවශ්‍ය සේවා නියමයන් ප්‍රකාශයට පත්කර තිබේ.
ජේ. ඉඳුරුවගේ