විදුලිබලය අඛණ්ඩව ලබා නොදීම සහ විදුලි බිල වැඩි කිරීමට කටයුතු කිරීමට සිදු වීම පිළිබඳ රජය ලෙසත්, විෂයයභාර ඇමතිවරයා ලෙස තමා කණගාටු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් ගත හැකි සියලු විකල්ප පිළිබඳ අවධානය යොමු කර අවසානයේ ගතහැකි එකම විකල්පය ලෙස මිල වැඩි කිරීමට තීරණය ගනු ලැබූ බවත් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ අද (09දා) පාර්ලිමේන්තුවේ පැවති කල්තැබීමේ විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.