විදුලිය කප්පාදුවකින් තොරව කටයුතු කරගෙන යාමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවැති සාකච්ඡාවේදී තීරණය කළ බව විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවැසීය.
අමාත්‍යවරයා සඳහන් කළේ ඒ අනුව අද දිනයේදී විදුලිය කප්පාදුවක් සිදු නොවන බවයි. විදුලිය නිෂ්පාදනයට අවශ්‍ය දැවිතෙල් හා ඩීසල් ලබාදීමට එකඟතාවක් ඇති වූ බවද අමාත්‍යවරයා පැවැසීය.
ජනපතිවරයා හා පැවැති සාකච්ඡාව සාර්ථක වූ බවද අමාත්‍යවරයා පැවැසීය. විදුලිය කප්පාදුවක් නොමැතිව යාමට ජනපතිවරයා තීරණය කර ඇති බවද ඔහු පැවැසීය.