විදුලි බල සැපයුම හා රෝහල් සේවා අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත්කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාවිසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
1979 අංක 61 දරණ අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ දෙවැනි වගන්තියෙන් තමා වෙත පැවැරී ඇති බලතල අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය අද (08දා) සවස නිකුත් කරනු ලැබීය.
රජයේ සංස්ථා, දෙපාර්තමේන්තු, පළාත්පාලන ආයතන හෝ සමූපාකාර සමිති විසින් සැපයෙන් විදුලි බල සම්පාදනය හා රෝහල් සේවා සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍ය බව ඉන් නම්කර තිබේ.
රෝහල්, සාත්තු නිවාස, බෙහෙත් ශාලා හා වෙනත් සමාන ආයතන ආදියෙන් රෝගින්ට සැපයෙන සියලු ප්‍රතිකාර හා සේවා රෝහල් සේවාවට අයත් වෙයි.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_0b3c1675ad.jpg)