ආණමඩුව කන්නන්ගර ආදර්ශ විද්‍යාලයෙ අපොස සාපෙල විභාග මධ්‍යස්ථානයෙ විභාගයට පෙනි සිටි සිසුන් පිරිසක් පාසල් භුමියෙ දේපොල වනසා ඇති තිබෙන බව ආණමඩුව පොලිසිය පවසයි.
පාසල් භුමියෙ මල් පොච්චි කුඩුකර කෙසෙල් ගස් ගලවා දමා තවත් මල් පොච්චි වලින් තහඩු වහල වලට හානි කිරීම ඇතුළු දෑ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වු කන්නන්ගර ආදර්ශ විද්‍යාලයෙ සිසුන් පිරිසක් විසින් සිදු කර ඇති බව පොලිස් පරික්ෂණ වලදි තහවුරු වී ඇති බව කියයි.
අදාල සිසුන් පිරිස ඉතා පහත් ලෙස මෙලෙස පාසල් භුමියෙ දෑ වනසා තිබෙන බවත් එම සිසුන් විසින් කල ක්‍රියාව අනිකුත් සිසුන් විසින් විදුහල්පතිවරයාට දන්වා තිබේ.
ඉන් පසුව අදාල හානි කල සිසුන් පිරිස හදුනා ගෙන පොලිසියට පැමිනිලි කිරීමට විදුහල්පති විමල් විජයරත්න මහතා කටයුතු කර තිබේ.
මෙසේ පාසල් භුමියෙ සම්පත් වැනසු සිසුන් පිරිස හා ඔවුන්ගේ මව්පියන් ආණමඩුව පොලිසියට කැදවා සිසුන් කර ඇති මෙම විනාශයට අදාල සියල්ලම නැවත තිබු ලෙසම සකසන ලෙසට දැඩි අවවාදයක් කිරීමට කටයුතු කර ඇති බව කියයි.
කෙසේ නමුත් මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට කන්නන්ගර විද්‍යාලයෙන් සිසුන් 220 කට ආසන්න පිරිසක් එක්ව සිටි අතර එයින් මෙලෙස නොහොඹිනා ලෙස හැසිරි ඇත්තේ සුළු පිරිසක් බව කියයි.
මේ හේතුවෙන් කන්නන්ගර විද්‍යාලයෙ නාමයට මෙම සිසුන් අවමානයක් කර ඇති බවද සෙසු සිසුන් හා මව්පියන් පවසයි.