සිංහල හා දමිළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් එළඹෙන 18වැනිදා පෙරවරු 10.16ට යෙදී ඇති පැළ සිටුවීමේ නැකතේදී, සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ගෙවතු වගා වැඩසටහනක් මෙවරද ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.
නැකතට පැළයක්- ජාතියට හුස්ම දෙන නැකත ලෙස නම්කර ඇති මෙම ජාතික පැළ රෝපණය කිරීමේ වැඩසටහනේදී ඵලදායී පැළයක් රෝපණය කරන ලෙස විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ අතර මීට සමගාමීව විජය පුවත්පත් සමාගමේ කාර්ය මණ්ඩලයට පලතුරු පැළ බෙදා දීම අමාත්‍යවරයා විසින් එම ආයතන පරිශ්‍රයේදී අද (04දා) උදෑසන සිදුකරන ලදී. විජය පුවත්පත් සමාගමේ සුබසාධක සංගමය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනට සමාගමේ අධ්යක්ෂ ලාල් ජයවර්ධන, දිනපතා ලංකාදීප පුවත්පතෙහි ප්‍රධාන කර්තෘ අජන්ත කුමාර අගලකඩ, ඉරිදා ලංකාදීප පුවත්පතෙහි ප්‍රධාන කර්තෘ කාංචන දසනායක, සුබසාධක සංගමයේ සභාපති, අද පුවත්පත්හි ප්‍රධාන කර්තෘ දුමින්ද සංජීව බාලසූරිය යන මහත්වරුන්ද එක්ව සිටියහ.
ඡායාරූප- රුෂිරු කොළඹතන්ත්‍රිගේ