මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජලය ලීටර් මිලියන 4.5 ක ප්රමාණයක් දෛනිකව වාෂ්ප වී යන බව එහි කාර්යභාර ඉංජිනේරු වසන්ත ඇහැළපිටිය මහතා කියයි.
වර්ග කිලෝමීටර් 24 ක් පුරා විසිරී පවතින වික්ටෝරියා ජලාශයේ ඇති ජලය අධික අවුරශ්මිය හේතුවෙන්ම තුපිට පෘෂ්ඨයේ මිලිමීටර 4. 4 ½ක ප්රමාණයක් වාෂ්ප වී යන බවද ඇහැළපිටිය මහතා පැවසීය .
ජල විදුලි නිෂ්පාදනය සඳහා වික්ටෝරියා ජලාශයේ ජලය දෛනිකව භාවිතා කොට එයින් ගිගාවොට් 1.69 ක ජල විදුලියක් නිෂ්පාදනය කරන බවද කාර්යභාර ඉංජිනේරුවරයා වැඩිදුරටත් පැවසීය .