පස් හැවිරිදි නිවුන් දරුවන් දෙදෙනකුු ඇතුළු පස් දෙනෙකු ගමන් ගත් වෑන් රථයක් පන්නිපිටිය බෝ ගහ අසල හයිලේවල් මාර්ගයේදී ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් එම වෑන් රථය ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි මහරගම පොලිසිය පවසයි.
කළුබෝවිල ප්රදේශයේ පදිංචි අඹුසැමි යුවළක් ඔවුන්ගේ මව පස් හැවිරිදි නිවුන් දරුවන් දෙදෙනෙකු සමග අවිස්සාවේල්ල ප්රදේශයේ විහාරස්ථානයකට දහවල් දානය පිරිනමා යළි නිවස වෙත යමින් සිටියදී පන්නිපිටිය බෝ ගහ අසල හයිලේවල් මාර්ගයේදී එක් වරම ක්ලෑන් රථයේ ගින්නක් හටගෙ නිබේ.
පසුව එහි රියැදුරු ක්ෂණිකව වෑන් රථය නවතා එහි සිටි පිරිස බස්සවා ඉන් ඉවත් වී සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර තිබේ. පසුව පොලිස් නිලධාරින් එම ස්ථානයට පැමිණ කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවන රථයක් ගෙන්වා ඇතත් ඒ වනවිට ගින්නන සම්පූර්ණයෙන්ම නිවී වෑන් රථය හානියට පත්ව තිබූ බව පැවසෙ.
අනතුරෙන් කිසිවකුටත් හානියක් සිදුව නොමැති අතර වෑන් රථය සම්පූර්ණයෙන්ම විනාශවී ඇති බව පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලීසිය පරීක්ෂණ පවත්වති.
මත්තෙගොඩ ශාන්ත ප්රදීප් කුමාර කුලරත්න