පවතින අධික වැසි සහ සුළං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ගස් කඩා වැටීම් 59ක් වාර්තා වී ඇති බව කොළඹ මහනගර සභාවේ ඉඩම් හා පරිසර සංවර්ධන අධ්යක්ෂ ඉංජිනේරු මනෝජ් රණසිංහ මහතා පවසයි.
ඉන් ගස් කඩා වැටීම් 19ක්ම සිදු වී ඇත්තේ විහාර මහාදේවි උද්‍යානයෙන් බවත් අනෙකුත් ගස් කඩා වැටීම් මාර්ග ආශ්‍රිතව සිදුව තිබේ. එම ගස් ඉවත් කිරීමේ කටයුතු මේවන විට සිදුකරමින් ඇතිබවත්. එම ප්‍රදේශ වල තවදුරටත් අනාරක්ෂිත ගස් තිබේදැයි සොයා බලමින් ඇතිබව වැඩිදුරටත් පැවසයි.