තේ, රබර්, පොල් ඇතුළු වැවිලි බෝග 05කින් පසුගිය වසරේ මුල් මාස 04 තුළදී ලද අපනයන ආදායමට වඩා ඩොලර් මිලියන234ක ආදායමක් මෙම වසරේ එම කාලයෙහි ලබා තිබේ.
ඒ අනුව තේ,රබර්, පොල්, කුරුඳු හා ගම්මිරිස් යන වැවිලි බෝගවලින් මෙම ආදායම ලැබී ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී පැවති වැවිලි අංශයේ ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවේදී අනාවරණය විය.
එහිදී වැඩිදුරටත් සඳහන් වූ පරිදි මෙම වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා වූ කාලයෙහි අදාළ බෝග අපනයනයෙන් ඩොලර් මිලියන 1118.06 ක් උපයා ඇති අතර 2023 වසරේ එම කාලය තුළ ඩොලර් මිලියන 234ක ආදායමක් ලබා තිබේ.