වැලිකඩ පොලිසිය බාරයේ සිටියදි මරණයට පත් වු බව කියන තරුණයාගේ මෘතදේහය යළි ගොඩගෙන ත්‍රිපුද්ගල විශේඥ වෛද්‍ය මණ්ඩලයක් හමුවේ පශ්චාත් මරණ පරික්ෂණයක් පවත්වන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට අද (09) නියෝග කළේය.
අධිකරණ වෛද්‍ය නිලධාරියා නිකුත් කළ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාවේ මරණයට හේතුව කුමක්ද? යන්න සඳහන් කර නොමැති බව පවසමින් මියගිය තරුණයාගේ මව වන බදුල්ල මීගහකිවුල පදිංචි ලේකම්වසම් ලියනගේ සමන්ති මහත්මිය මෝෂමක් මාර්ගයෙන් කරන ලද ඉල්ලීමක් පිළිගනිමින් මහෙස්ත්රාත්වයා එලෙස නියම කළේය.
අත්අඩංගුවට ගෙන වැලිකඩ පොලිසිය බාරයේ සිටියදි පසුගිය අප්‍රේල් පළමුවැනිදා මියගිය බව කියන බදුල්ල මීගහකිවුල පදිංචි සත්සර නිමේෂ් නමැති 25 හැවරිදි සිය පුතුගේ මරණය සැක සහිත බවට කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විමර්ශන ආරම්භ කර ඇත.
මියගිය තරුණයාගේ මව වන ලියනගේ සමන්ති මහත්මිය ගෙනු කළ මෝෂමකට අනුව මෙම පැමිණිල්ල අධිකරණයේ කැඳවන ලදී.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් නීතිඥ ලක්ෂාන් අබේවර්ධන මහතාද සමඟ පෙනී සිටී නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා කරුණු දක්වමින් වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය තරුණයාගේ මරණය සම්බන්ධයෙන් යුක්තිය ඉෂ්ඨ කිරීමට ඔහුගේ මරණ පරීක්ෂණ වාර්තාව ඉතාමත් වැදගත් වන බව පෙන්වා දුන්නේය.
පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා මේ වන විට භූමිදානයකර ඇති සත්සර නිමේෂ් නමැති තරුණයාගේ මෘත දේහය යළි ගොඩගෙන ත්‍රිපුද්ගල විශේෂඥ වෛද්‍ය මඩුල්ලක් මඟින් ඔහුගේ දේහය සම්බන්ධයෙන් යළි පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියම කරන්නැයි ඉල්ලා සිටි නීතීඥවරු දේහය ගොඩගෙන ත්‍රිපුද්ගල විශේෂඥ වෛද්‍ය මඩුල්ලක් මඟින් යළි පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු කරන ලෙස කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියම කරන්නැයි ඉල්ලා සිටියහ.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රහස් පොලිස් නිලධාරීහු තමන්ට ලැබුණු නියෝග මත සිද්ධිය සම්බන්ධයෙන් විශේෂය විමර්ශනයක් ආරම්භ කර ඇතැයි දැනුම් දුන්හ.
තමන් ආරම්භ කළ විමර්ශනයේ ප්‍රගතිය පසුගිය 07 වැනිදා අධිකරණයට වාර්තා කළ බවත් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තාවට අනුව මරණයට හේතුව කුමක්ද යන්න පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාවේ සඳහන් වී නැතැයිද දැනුම් දුන් රහස් පොලිස නිලධාරීහු මරණකාර සත්සර නිමේෂ් නමැත්තාගේ ලේ සහ මුත්‍රා සාම්පල් රජයේ රස පරික්ෂකවරයා වෙත භාරදී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන්ද විමර්ශන කරන බවත් දැනුම් දුන්හ.
සත්සර නිමේෂ් නමැත්තාගේ මරණය සම්බන්ධයෙන් ආරම්භ කර ඇති මෙම විමර්ශනයේදී පොලිස් නිලධාරීන් සිවිල් පුද්ගලයින්ගෙන් හා එදින වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් ඇතු`ථ 14 දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් එම ප්‍රකාශ වලින් හෙළි වන කරුණු ඔස්සේ විමර්ශනය කරන බවත් දැනුම් දුන් රහස් පොලිස් නිලධාරීහු මරණකරුගේ අසාමාන්‍ය හැසිරිම් රටාවන් සහ ඔහු අශ්‍රය කළැයි කියන පුද්ගලයින් සම්බන්ධයෙන්ද වැඩිදුර විමර්ශනය කරන බවද දැනුම් දුන්හ.
කරුණු සලකා බැලීමෙන් අනතුරුව අගතියට පත් පාර්ශවයේ ඉල්ලීම පිළිගනිමින් මරණකරුගේ මෘතදේහය යළි ගොඩගෙන ත්‍රිපුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් මඟින් යළි පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියම කළ මහේස්ත්‍රාත්වරයා විමර්ශන වල ප්‍රගතිය ලබන අප්‍රෙල් 30 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස රහස් පොලිසියට නියම කළේය.
සචිත්ර ගුණසේකර
