වැල්ලවාය පොලිස් වසමට අයත් කොටවෙහෙරගලයාය පදිංචි පහළොස් හැවිරිදි ශිෂ්‍යාවන් දෙදෙනෙකු ඉකුත් (15) වෙනිදා සිට අතුරුදහන්වී ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි.
වැල්ලවාය ප්‍රදේශයේ ජාතික පාසලක දහවන වසරේ ඉගෙනුම ලබන මෙම ශිෂ්‍යාවන් දෙදෙනාගෙන් එක් සිසුවියක කොටවෙහෙරගලයාය ප්‍රදේශයේ පදිංචිව සිටින අතර එම ගමේම පදිංචි ඇයගේ යෙහෙළියක් පාඩම්කිරීම සඳහා ඉකුත් (14) වෙනිදා සවස ඇයගේ නිවසට පැමිණ ඇත.
පසුදින උදෑසන බලන විට දැරියන් දෙදෙනා නිවසේ සිට නැත. නිවසේ හිමිකාරිය විසින් ඒ පිළිබඳව වැල්ලවාය පොලීසියට පැමිණිලිකර ඇත.
මේ පිළිබඳව වැල්ලවාය පොලීසියෙන් කළ විමසුමකදී පැවසුවේ මෙම දැරියන් දෙදෙනා කිතුල්කොටේ ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකු සමඟ ප්‍රේම සම්බන්ධතා පවත්වාගෙන ගොස් ඇති බවටත් ඔවුන් සමඟ යන්නට ඇතැයි විශ්වාසය පළකරයි.
ඔවුන් අත්අඩංගුවට ගැනීමට වැල්ලවාය පොලිස් ස්ථානාධිපති ටී.එම් කරුණාතිලක මහතා පරීක්ෂණ පවත්වයි.