මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් භාෂික් නමැත්තාගේ පුතෙකු වන නදීන් භාෂික් නැමැත්තාට අයත් බව කියන වැල්ලවත්ත රාම ක්රිෂ්ණ මාවතේ හෝටලයක් ඉලක්කකර අද (27) අලුයම වෙඩි තැබීමක් සිදුකර ඇතැයි වැල්ලවත්ත පොලිසිය කියයි.
වෙඩි තැබීමෙන් එහි නාම පුවරුවකට සහ බිත්තියකට හානි සිදුව ඇතැයි පොලිසිය සඳහන් කරයි.
වෙඩි ප්‍රහාර දොළහක් පමණ හෝටලය වෙත එල්ල කර ඇති අතර ටි 56 හිස් උන්ඩ දක්නට ලැබෙන බව පොලිස් නිලධාරියෙකු පැවසීය.
ස්කූටි වර්ගයේ යතුරු පැදියකින් දෙහිවල ප්‍රදේශයේ සිට පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් අලුයම 5.15 ට මෙම වෙඩි තැබීම සිදුකර දෙහිවල ප්‍රදේශයටම පලා ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
වෙඩි තැබීමට හේතුව නිශ්චිත ලෙස අනාවරණය වී නැතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. වැල්ලවත්ත පොලිසිය පරීක්ෂණ පවත්වයි