වැඩිහිටි, ආබාධිත හා වකුගඩු රෝගී දීමනා ගෙවීම අප්‍රේල් මස 06 වැනි සඳුදා දින ප්‍රමුඛතාව ලබාදී සම්පූර්ණයෙන්ම ගෙවා නිම කිරීමට කටයුතු කරන බව රජය අවධාරණය කරයි.
කොරෝනා වයිරසයේ අවදානම හේතුවෙන් වැඩි ප්‍රමුඛතාවයක් ලබා දිය යුතු කණ්ඩායම් තුනක් වන වැඩිහිටි, ආබාධිත සහ වකුගඩු රෝගීන් සඳහා ගෙවීමට සැලසුම් කර ඇති දීමනා අප්‍රේල් මස 06 වැනි දින එනම් සඳුදා දින ප්‍රමුඛතාව ලබාදී සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කිරිමට කටයුතු කරන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය පවසයි.