මෙරට වැඩිහිටි ජනගහනය වෙනුවෙන් ලබා දියයුතු සෞඛ්‍ය පහසුකම් තවමත් අපේ සෞඛ්‍ය පද්ධතිය තුළ නිසි පරිදි සකස්වී නැතැයි සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
මේ හේතුවෙන් වැඩිහිටි ජනගහනය සෞඛ්‍ය පද්ධතියටත් ඒ අයගේ බාරකරුවන්ටත් ගැටලුවක් වී ඇතැයිද කී අමාත්‍යවරයා මේ තත්වයට විසඳුමක් ලෙස වැඩිහිටි ජනතාවට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් මෙන්ම ඔවුන් රැක බලාගැනීම පිලිබඳව ඉදිරියේදී ප්‍රතිපත්ති සම්පාදනඒ ය කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
අද 21 පෙරවරුවේ බෙන්තොට රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට පැමිණි අමාත්‍යවරයා රැස්ව සිටි පිරිස අමතමින් මේ අදහස් පළ කළේය.
ජේ. ඉඳුරුවගේ