2023 නොවැම්බර් මාසයේදී, සියලු වැට් බදු නිදහස් කිරීම් ඉවත් කරන ලද, එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත මීට පෙර සලකා බැලූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතට කමිටුව විසින් කරන ලද නිර්දේශ මුදල් අමාත්යාංීශය විසින් ආදේශ නොකළේ මන්දැයි විමසා සිටියේය.
ඒ අනුව, අමාත්‍යාංශය විසින් සැලකිල්ලට නොගත් වෛද්‍ය උපකරණ, ගිලන් රථ, ළමුන් සඳහා අධි ප්‍රෝටීන් කෘෂි ආහාර සහ කෘෂිකාර්මික ද්‍රව්‍ය සඳහා වැට් බදු නිදහස් කිරීම නැවත සලකා බලන ලෙස කාරක සභාව මුදල් අමාත්‍යාංශයට නිර්දේශ කර තිබුණි.
මේ පිළිබඳ කරුණු සාකච්ඡා වුයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
ශ්‍රී ලංකාවේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 14% දක්වා ඉහළ නැංවීමේ රජයේ ඉලක්කයට අනුකූලව බදු අනුපාත සහ ලියාපදිංචි අවශ්‍යතා සකස් කිරීම අරමුණු කරගනිමින්, එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත මගින් වැට් බද්ද 15% සිට 18% දක්වා වැඩි කළ අතර වැට් බදු ලියාපදිංචිය සඳහා වන සීමාව වසරකට රු. මිලියන 80 සිට රු. මිලියන 60 කින් පහළ දමන ලදී. තවද, දේශීය ඩිජිටල් සහ මෘදුකාංග සපයන්නන්ට අසාධාරණ තත්වයක් නිර්මාණය කරමින් විදේශීය ඩිජිටල් සහ මෘදුකාංග සපයන්නන් මත වැට් බද්ද ක්‍රියාත්මක කිරීම දිගින් දිගටම ප්‍රමාද කරන්නේ මන්දැයි කමිටුව නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය.
දේශීය සංචාරක වෙන්කරවා ගැනීමේ නියෝජිතයින් පවා වැට් බද්දට යටත් වන අතර Booking.com වැනි වෙබ් අඩවි මෙයින් නිදහස් කර ඇත. එය හුදෙක් නීතියේ අර්ථ නිරූපණයේ වෙනසක් වන බැවින්, ඔවුන් මෙය ප්‍රමාද කරන්නේ මන්දැයි කමිටුව නිලධාරීන්ගෙන් විමසීම් කළ අතර එහිදී නිලධාරීන් ප්‍රකාශ කළේ ඔවුන්ට නව නීතියක් අවශ්‍ය වන අතර එය 2025 අප්‍රේල් මාසයේදී බලාත්මක වීමට නියමිත බවයි. නව වැට් බදු පනතක් කෙටුම්පත් කරන තෙක් නියමිත බදු අයකර ගැනීමටත් සාධාරණ තත්වයක් නිර්මාණය කිරීමටත් ඒ සඳහා යාන්ත්‍රණයක් සොයා ගන්නා ලෙසත් කාරක සභාව නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.
මීට අමතරව, සමාජ ආරක්ෂණ දායක බදු (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳව කාරක සභව විසින් සාකච්ඡා කරන ලදී. 2024 ජනවාරි 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද සඳහා ලියාපදිංචි වීමේ පිරිවැටුම් සීමාව වසරකට රුපියල් මිලියන එකසිය විස්සේ සිට රුපියල් මිලියන හැට දක්වා අඩු කරන මෙම පනතේ සංශෝධන කමිටුව විසින් අනුමත කරන ලදී.
අකාර්යක්ෂමතා සහ පරිපාලනමය තත්වයන් බව පවසමින් වෙනම බදු ව්‍යුහ දෙකක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය පිළිබඳව සභාපතිවරයා කනස්සල්ල පළ කළේය. එකතු කළ අගය මත බද්ද (VAT) යටතේ මෙම බදු ඒකාබද්ධ කිරීමට ඔහු යෝජනා කළ අතර, එය සමාජ ආරක්ෂණ දායක බද්ද සමඟ ඒකාබද්ධ කළ විට 22% ක සාමාන්‍ය ඵලදායි අනුපාතයක් ඇති කරන බව පැවසිය.
ඊට ප්‍රතිචාර වශයෙන් මුදල් අමාත්‍යාංශය පැහැදිලි කළේ ඔවුන්ගේ අරමුණ ආදායම් ඉලක්ක සපුරා ගැනීම බවත්, සියලුම බදු ගෙවන්නන් වඩාත් ඵලදායී ලෙස ග්‍රහණය කර ගන්නා වඩාත් විධිමත් බදු ක්‍රමයකට සංක්‍රමණය වන තෙක් මෙම ක්‍රමය භාවිතා කිරීමට අදහස් කරන බවත්ය.
තවද, විගණකාධිපති වාර්තාවේ පෙන්වා දී ඇති පරිදි ‘සීනි වංචාවෙන්’ අහිමි වූ ආදායම අයකර ගැනීමේ ප්‍රගතිය පිළිබඳව ද කාරක සභව නිලධාරීන්ගෙන් විමසා සිටින ලදී. නිලධාරීන්ගේ තර්කය වූයේ එය බදු පාඩුවක් ලෙස වර්ගීකරණය නොකළ යුතු බවත්, විශේෂ භාණ්ඩ බද්ද රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීම හේතුවෙන් බදු අහිමි කිරීමක් ලෙසය. කෙසේ වෙතත් කාරක සභාව විසින් මෙම බදු ගැලපීමෙන් සමාගම් හයකින් රුපියල් බිලියන 1.4 ක මුදලක් අසමානුපාතික ලෙස ලාභ ලැබූ ඇතැම් සමාගම් පිළිබඳ දත්ත ලබාදෙන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදුන් අතර තවත් සමාගම් 6 ක් විමර්ශනය කිරීමට පවතින බවද ප්‍රකාශ කරන ලදී.
විශේෂයෙන්ම සාමාන්‍ය ශ්‍රී ලාංකිකයෙකුට උපයනවිට ගෙවීම් සහ වැට් බදු වැනි සැලකිය යුතු බදු වැඩිකිරීම් සිදු කරන අතරතුර රජයට ඉතිරි වී ඇති බදු අයකර ගැනීමට නොහැකි වූයේ මන්දැයි සභාපතිවරයා ප්‍රශ්න කළේය. ආයතනික බද්ද හරහා අනවශ්‍ය ලෙස උපයාගත් බද්දෙන් 30%ක් පමණක් ආපසු ලබාගත හැකි බවත්, ඉතිරි 70% වත්මන් බදු රාමුව තුළ අයකරගත නොහැකි බවත් නිලධාරීන් පැහැදිලි කළහ.
එහි ප්‍රතිඵලයක් ලෙස, කාරක සභා සාමාජිකයින් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ, පෙර කළ සියලුම බදු ආදායම් එකතු කර ගැනීමේ මාර්ග ගවේෂණය කරන ලෙස හෝ අනාගතයේ එවැනි තත්ත්වයන් ආමන්ත්‍රණය කිරීමට සහ ඒවා නැවත ඇතිවීම වැළැක්වීම සඳහා නව නීති සම්පාදනය කරන ලෙසයි. කෙසේ වෙතත් ඉහත සඳහන් කරුණු දක්වමින් සභාපතිවරයා සිය කනස්සල්ල පළකල අතර වැට් බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ සමාජ ආරක්ෂණ දායක බද්ද යන ද්විත්වයම කාරක සභාව විසින් අනුමත කරන ලදී.