මුදල් , ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රකාශයට පත්කර ඇති අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් රාජ්‍ය ආයතන හතරකට පමණක් අදාලවන ලෙස විවිධ මෝටර් වාහන 30 ක් ආනයනය කිරීම සඳහා විශේෂ අවසරයක් ලබා දී තිබේ.
මෙම වාහන ආනයනය සඳහා මෝටර් වාහන ආනයනයේදී බලපාන අනෙකුත් සියලු නීති රීති සහ රෙගුලාසිවලට යටත්ව ශ්‍රි ලංකා රේගු අධ්යක්ෂ ජෙනරාල් විසින් අවසරය ලබා දෙන බව ද මෙම ගැසට් නිවේදනයේ සඳහන්වේ .
2024 .01.11 දිනෙන් ප්‍රකාශයට පත්කෙරුණු අංක 2366/19 දරණ මෙම ගැසට් පත්‍රය මගින් අධ්‍යාපන අමාත්‍යාංශයට බස් රථ දෙකක්,සෞඛ්‍ය අමාත්‍යාංශයට ජංගම මාතෘ ඒකක වාහන තුනක් සහ ඩබල් කැබ් රථ 21 ක් ,කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයට එස්.යූ.වී රථ එකක් සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයට පිරිමැසුම් පංතියේ රැම්ප් රථ තුනක් වශයෙන් මෙම වාහන ආනයන අවසරය ලබා දී තිබේ.
වරාය , නාවික හා ගුවන්සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද සංදේශයකට 2023.12.11 දින අමාත්‍ය මන්ඩලය මගින් ලබා දුන් තීරණය ප්‍රකාරව මෙම රෙගුලාසි නිකුත් කරන බව ගැසට් නිවේදනයේ සඳහන් වේ.
ජේ. ඉඳුරුවගේ