රථවාහන වැරදි සම්බන්ධයෙන් වන ස්ථානීය දඩ මුදල් එවලේම ඔන්ලයින් හරහා ගෙවීමේ අවස්ථාව ලංකාවේ ජනතාව වෙනුවෙන් ලබාදෙන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවැසීය.
ඔහු පවසන්නේ තමන්ගේ ජංගම දුරකතනයෙන් හෝ පොලිස් නිලධාරියා අත ඇති උපාංගයකින් මෙම ගෙවීම් සිදුකිරීමේ අවස්ථාව ලබා දෙන බවයි.
"කොහේ හෝ ගිහිල්ලා රථ වාහන වරදකට වැරදිකරු වුවහොත් එම ස්ථානයේ සිටින පොලිස් නිලධාරියා අතේ තියෙන උපකරණයක් මාර්ගයෙන්ම හෝ තමන්ගේ ජංගම දුරකතනය මාර්ගයෙන් එම දඩ මුදල් ගෙවන්න සියලු දේ සැලසුම් කර තිබෙනවා."